Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා සත්කාරකත්වය යටතේ ආසියානු කුසලානය කුසලානය නිළ වශයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැඩි උත්සහය අපතේ යවමින් මෙම වසරේ පැවැත්වීමට නියමිත 2022 ආසියානු කුසලානය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah, තහවුරු කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී තරගාවලිය පැවැත්වෙන නමුත් එහි සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. එනම් මෙම තරඟාවලියෙන් ලැබෙන අදායම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.

කෙසේ නමුත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී තරඟාවලිය පැවැත්වීම හේතුවෙන් එම අදායම කිසියම් අඩුවීමක් සිදු විය හැකි අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Jay Shah, ප්‍රකාශ කර තිබෙන්නේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සාහයක්ම ගත් නමුත් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට තීරණය කළ බවය.

කෙසේ නමුත් මේ වන විටත් පකිස්ථානය සමග ශ්‍රී ලංකාව තරඟ වදින අතර පසුගිය දා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තරඟ සංචාරය ද අති සාර්ථක අයුරින් නිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවා. කෙසේ නමුත් මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාද පවසා ඇත්තේ කණ්ඩායම් දෙකකට සත්කාරකත්වය සැපයීම, කණ්ඩායම් දහයකට සත්කාරකත්වය සැපයීමට සමාන නොවන බවයි. ඔවුන් සියල්ලටම ඉන්ධන සහිත බස් රථ දහයක් ලබා දිය යුතු බවත් සෑම කණ්ඩායමකටම ඉන්ධන සහිත ගමන් මලු වෑන් රථයක් ලබා දිය යුතු බවත් කළමනාකරුවන්ට මෙන්ම අනුග්‍රාහකයන්ටද ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

එමෙන්ම ඔවුන්ට ලැබෙන පහසුකම් සම්බන්ධයෙන් සහතික කළ යුතු බවත් විදුලි ජනන යන්ත්‍රවලට මෙන්ම විදුලි පහන් ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන සොයා ගැනීමට සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා ඇත්තේ.

මෙවර ආසියානු කුසලානය ආරම්භ වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං අතර සුදුසුකම් ලැබීමේ තරග වටයකින්. ජයග්‍රාහකයා ප්‍රධාන තරඟාවලියට සුදුසුකම් ලබන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සමඟ තරඟ කරනු ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7