Cricket NewsEXCLUSIVE

“මේක බැන වැදීමක් නෙමෙයි, නමුත් නිපන්දු යැවීම අපරාදයක්” – ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා

ඊයෙ පැවති දෙවන තරඟයෙන් ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 16කින් පරාජය කරමින් තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ සමත් වුනා.

කෙසේ නමුත් ඊයෙ ඉන්දියාව ලැබු තරඟ පරාජයට ප්‍රධාන හේතුව වූ නිපන්දු නොහොත් No Ball යැවීම පිළිබඳව ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යානම් සිටියේ එතරම් සතුටකින් නොවේ.

තරඟය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදි ඒ පිළිබඳව අදහස් දක්වමින් හර්දික් පාණ්ඩ්‍යා සඳහන් කර සිටියේ නිපන්දු යැවීම අපරාදයක් බවයි.

““Arshdeepට මේක ඉතා අසීරු අවස්ථාවක්. මේක ඔහුට බැන වැදීමක් හෝ ඔහුව තවත් අසීරුතාවට කරවන දෙයක් නෙවෙයි. නමුත් අපි දන්නවා ඕනෑම ක්‍රීඩා රටාවක නිපන්දු කියන්නේ අපරාදයක්”

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7