Cricket NewsEXCLUSIVEInternational

දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට – කසුන් රාජිත කැදවීමේ සූදානමක්

මෙවර තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරගයක් ලෙස ඊයෙUAE සමග පැවති තරඟයෙන් ලකුණු 79ක ජයක් සමග තරඟය ජයග්‍රහණය කළේ අත්‍යාවශ්‍යව තිබු දළ ලකුණු ලබා ගැනීමේ වේගයද ඉහළ මට්ටමක රඳවා ගනිමිනි.

ඊයෙ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවකු බවට පත්වූ දුෂ්මන්ත චමීර අද තරගයේ ඔහු යවන ලද සිව්වන පන්දුවාරයේ අවසන් පන්දුව යැවීමේ දී ආබාධයකට ලක්වුණා.

ආබාධයට ලක් වූ දුෂ්මන්ත චමීර ලෝක කුසලානයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවෙන් කසුන් රාජිත සංචිතයට ඇතුලත් වෙනු ඇතැයි වාර්තා වේ.

එසේම ආබාධයන් වලට ලක් වී සිටින් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ මදුශාන්ගේ සහ දනුෂ්ක ගුණතිලකගේ තත්ත්වය බරපතල නොවන බවත් බොහෝ විට ඔවුන්ට දෙවෙනි වටයේ තරග ක්‍රීඩා කිරීමට හැකි වෙනු ඇතැයි අපේක්ෂා කරේ.

එසේම වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලෝක කුසලාන ශ්‍රි ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස එක් කරගනු ඇතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7