Cricket NewsEXCLUSIVEWoman Cricket

පළමු වරට පැවැත්වෙන Women’s CPL තරඟාවලියේදී චමරි අතපත්තු Guyana Amazon Warriors කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩිකාව බවට පත් වෙයි.!

විස්සයි-20 ලීග් ක්‍රිකට් ලොවට පතාක යෝධයින් දායාද කල කැරිබියානු දූපත් කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟවලිය වන Women’s Caribbean Premier League හි පළමු සංස්කරණය මේ මස අගදී ආරම්භ වීමට නියමිතයි.

පළමු අධියරේදී මෙම තරඟාවලිය තුන්කොන් තරඟාවලියක් ලෙස පවත්වන්නටයි තීරණය කර තිබෙන්නේ.

මෙවර තරඟාවලිය සඳහා ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු එක්වීමට නියමිතව ඇති අතර ඇය Stafanie Taylor නායකත්වය දරණ Guyana Amazon Warriors කණ්ඩායම නියෝජනය කරනු ඇත. එම කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩිකාව වන චමරි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වන එකම ක්‍රීඩිකාව ද වේ.

Kia Super League, Women’s Big Bash League, Women IPL සහ FairBreak Invitational ආදී සෑම කාන්තා විස්සයි-20 ලීගයක්ම නියෝජනය කල එකම ශ්‍රී ලංකා ක්‍රීඩාකවද වන්නේ ඇයයි.

තරඟාවලිය ලබන අගෝස්තු 31 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button