Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත­පත්තු WPL තර­ගා­ව­ලිය අතහැර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම සමඟ එක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත­පත්තු ඉන්දි­යා­වේදී මේ දින­වල පැවැ­ත්වෙන කාන්තා ප්‍රිමි­යර් ලීග් (WPL) තර­ගා­ව­ලිය අත­ර­මැ­දදී ඉවත් වීමට තීර­ණය කර තිබේ.

මේ තර­ගා­ව­ලි­යේදී  යූපී වොරි­ය­ර්සස් (UP Warriorz) පිල වෙනු­වෙන් චමරි ක්‍රීඩා කරන අතර, නව­සී­ල­න්තයේ තරග සංචා­ර­ය­කට එක්වන ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩා­යම සමඟ එක්වීම සඳහා චමරි මෙලෙස කාන්තා ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලි­යෙන් ඉවත්ව යනු ඇත. යූපී වොරි­යර්ස් පිලට මෙවර තර­ගා­ව­ලි­යේදී අහිමි වන දෙවැනි ක්‍රීඩි­කාව චමරි වන අතර, මින් පෙර එම කණ්ඩා­යමේ නිත්‍ය නායිකා ඇලීෂා හිලි­ටද ආබා­ධ­යක් හේතු­වෙන් තර­ගා­ව­ලිය අහිමි විය.

කෙසේ වෙතත් චමරි මේ 26 වැනිදා දක්වා වොරි­යර්ස් පිල සමඟ රැඳී සිටින අතර ඒ වන විට ඔවුන් තරග 4ක් ක්‍රීඩා කළ යුතුව තිබේ. අන­තු­රුව පැවැ­ත්වෙන මූලික වටයේ තරග 3 චම­රිට අහිමි වනු ඇත. කෙසේ වෙතත් 26 වැනි­දා­යින් පසුව ඇය නව­සී­ල­න්ත­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යම සමඟ එක්වී­මට නිය­මිත අතර, එම තර­ගා­ව­ලිය ආරම්භ වන්නේ ලබන මස 4 වැනි­දාය.

වොරි­යර්ස් පිල ඊයේ රාත්‍රියේ සිය දෙවැනි තර­ග­යට එක්වී­මට නිය­මි­තව තිබූ අතර, පසු­ගිය 11 වැනිදා ක්‍රීඩා කළ පළමු තර­ග­යට චමරි එක්ව නොසි­ටි­යාය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම අනිද්දා (22) නව­සී­ල­න්තය බලා පිටත්ව යෑමට නිය­මි­තය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button