Cricket NewsEXCLUSIVEInternational

වෙන්දේසියේදී එපා කී චමරිට ඉන්දියාවෙන් යළි ආරාධනා – ශ්‍රි ලංකා රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට ගිවිසුම් ගත වේ.

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට හිමිව තිබේ.

පසුගිය වසරේ පැවති එම තරගාවලියේ වෙන්දේසියේදී ඇය මිල දී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇය ප්‍රතික්ෂේප වූ ක්‍රීඩිකාවන් අතරට එක් වූවාය.

කෙසේ වෙතත් තරගාවලියේ අප් වොරියර්ස් කණ්ඩායමට තෝරා ගෙන සිටි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට චමරි අතපත්තු එක් කර ගැනීමට එම කණ්ඩායම කටයුතු කර ඇත.

බෙල් මේ වසරේ තරගාවලියෙන් ඉවත්වන බවට ප්‍රකාශ කර ඇති අතර, ඒ වෙනුවට ආදේශ ක්‍රීඩිකාව ලෙස චමරි මේ තරගාවලියට එක් වනු ඇත.

චමරි මේ වෙන්දේසිය සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 30ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට) මූලික ලංසුවකට ලියාපදිංචි වී සිටි අතර, එම වටිනාකමට මේ කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
5
+1
2
+1
5
+1
1
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button