Cricket NewsEXCLUSIVEUnder-19

චමරි අතපත්තුගේ සටන්කාමි ප්‍රහාරාත්මක පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිළට ලකුණු 109 ක දැවැන්ත ජයක්.!

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව සහභාගිවූ පළමු තරගයෙන් ලකුණු 109 ක වාර්තා ගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අද සමත් වුනා.

මැලේසියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 182 ක් රැස් කිරීමට සමත් වූ අත‍ර, ඒ අනුව ලකුණු 183ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 73 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව මෙරට කාන්තා විස්සයි-20 කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්වද්දී ශ්‍රී ලංකාව ලද ලකුණු 109 ක ජයග්‍රහණයද වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජය වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.

ඒ වෙනුවෙන් වැඩිම කාර්යය භාරයක් ඉටු කළ නායිකා චමරි අතපත්තු පන්දු 45 කදී වේගවත් ලකුණු 86 ක් ලබා ගත්තාය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 කින් චමරිගේ ඉනිම සමන්විත විය. පළමු කඩුල්ල වෙනුවෙන් විශ්මි ගුණරත්න සමඟ ලකුණු 34 ක සම්බන්ධාතවත් පැවැත්වූ චමරි හසිනි පෙරේරා සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් 90 ක සම්බන්ධතාවත් ගොඩ නංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීය.

මැද පෙළින් ඉනිම ශක්තිමත් කළ උප නායිකා හර්ෂිතා මාධවී සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 23 බැගින් රැස් කළහ.

ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී එලන් වොට්සල් ලකුණු 30 ක් රැස් කර ද්දී සාර් බ්‍රයිස් ලකුණු 11 ක් රැස් කරගත්තාය.

ඒ හැරුණු කොට එකම පිතිකාරිණියකටවත් ලකුණු 10 සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ අවස්ථාව ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී, අමා කාංචනා සහ සචිනි නිසංසලා කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කිරීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button