Cricket NewsEXCLUSIVE

දීර්ඝ අනාගත සැළසුම් රැසක් සමග ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය චරිත් අසලංකට.!

මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය පැවැත්වෙන අතර අද තරඟයේ කාසියේ වාසිය තමන් සතු කරගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනයේ කඩුලු 8ක් දැවී ලකුණු 302ක් රැස් කරගැනීමට සමත්ව සිටිනවා.

ලකුණු 303ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිතය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමඟින් අවතීර්ණ වද්දී සිම්බාබ්වේ කණ්ඩායම එකම වෙනස්කමක් හෝ සිදුනොකර අවතීර්ණව සිටියි.

පළමු තරගයේදී ආබාධයකට ලක් වූ චාමික ගුණසේකර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට පැමිණ සිටියි.

කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා දුෂ්මන්ත චමීරට පළමු තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ අතර ඒ වෙනුවට චාමික ගුණසේකරට අවස්ථාව හිමිවිය.

මංගල එක්දින වරම් දිනාගත් තරගයේදීම චාමික පන්දුවාරයක් යැවීමෙන් අනතුරුව ආබාධයකට ලක්ව පිටියෙන් ඉවතට ගියේය.

මේ අතර ධනංජය ද සිල්වාගේ සේවය කණ්ඩායමට අහිමිවීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය චරිත් අසලංකට ලබා දී තිබේ.

පළමු තරගයේදී අසලංක ලකුණු 71 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන කාර්යය භාරයක් සිදු කළ අතර නායකත්වය ද අසලංක හට නුපුරුදු දෙයක් නොවන්නේ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම මෙහෙයවූ අත්දැකීම් ඔහු සතුව තිබෙන බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම – පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, 6. දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, ජෙෆ්රි වැන්ඩර්සි, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්.

සිම්බාබ්වේ කණ්ඩායම – රයන් බර්ල්, සිකන්දර් රාසා, රෙගිස් චකබ්වා, ටෙන්ඩායි චටාරා, ක්‍රෙග් අර්වින් (නායක), ටකුඩ්වාන්ශේ කයිටානෝ, වෙසිලී මඩව්ර්, වෙලිංටන් මසකඩ්සා, බ්ලෙසිං මුසරාබානි, රිචරඩ් නගාරාවා, ෂෝන් විලියම්ස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7