Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කිරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා සිංහ ධේනුවන් අද රාත්‍රියේ තරඟයට.!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට එතිහාසික සන්ධිස්ථානයක පසුවනවා. ඒ මෙවර දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ කඩඉම අසලයි.

මෙවර කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය තුල ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරඟ ත්‍රිත්වයෙන් තරඟ දෙකක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටින අතර ප්‍රසාද ලකුණු සටහනේ ද මේ වනවිට ශ්‍රී ලංකාව පසු වන්නේ දෙවන ස්ථානයේයි.

සත්කාරක දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් ව සිටින අතර තරඟවෙලිය තුල මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට සමත් වූයේ වත්මන් ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තීරණාත්මක තරඟය සඳහා අද රාත්‍රී 10:30 ට නවසීලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිව පිටියට පිවිසීම නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරඟ තුනක් ක්‍රීඩා කර තරඟ දෙකක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වද්දී නවසීලන්ත කණ්ඩායම තරග තුනක් ක්‍රීඩා කර එක් තරගයක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානයේ පසුවනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය පිවිසීමට නම් අද නවසිලන්තය හමුවෙ පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමට සිදුවනවා.

ලෝක කුසලානයක අවසන් කණ්ඩායම් 4 අතරට කිසිදා නැති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා සිංහ ධේනුවන්ට ලෝක ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි SixCricket අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button