Cricket NewsEXCLUSIVEPSL

මෙවර PSL – 2023 තරඟාවලිය සඳහා දසුන් ශානක Peshawar Zalmi කණ්ඩායම සමඟින් එක් වෙයි – පකිස්තාන ක්‍රිකට් රසිකයන් දසුන්ව ඉහළින්ම පිළිගනී.!

මේ දිනවල පැවැත්වෙන පකිස්තානු ප්‍රිමියර් ලීගය සඳහා Peshawar Zalmi කණ්ඩායම කොදෙව් ක්‍රීඩක ශර්ෆේන් රදර්ෆර්ඩ් සමඟින් ගිවිසුම් ගතව සිටි අතර ඉකුත් දා නිමාව දුටු ILT20 තරඟාවලිය අතර තුරදී රදර්ෆර්ඩ් ආබාධයකට ලක්වූවා. ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් මෙවර පකිස්තානු සුපර් ලීගය සඳහා ඔහුට එක්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ හේතුවෙන් මීට දින කිහිපයකට ඉහතදී ආරම්භ වුණු පකිස්තානු සුපර් ලීග් තරඟාවලිය සඳහා Peshawar Zalmi කණ්ඩායම රදර්ෆර්ඩ් ගේ ආදේශනය ලෙසින් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක සමඟින් ගිවිසුම් ගතව තිබෙනවා.

දසුන් ශානකට අමතරව Peshawar Zalmi සමඟින් ක්‍රීඩක වෙන්දේසියේදීම ගිවිසුම් ගතවූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ භානුක රාජපක්ෂයි.

දසුන් ශානක මෙවර PSL තරඟාවලිය සඳහා Peshawar Zalmi කණ්ඩායම සමග එක්වීම පිළිබඳව පකිස්ථාන ක්‍රිකට් රසිකයන් ද දැඩි සතුටකින් පසු වන බව පකිස්ථාන සමාජ මාධ්‍ය පිරික්සීමේදී පෙනී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7