Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තූට තවත් අයි­සීසී සම්මා­න­යක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත­පත්තු අයි­සීසී මැයි මාසයේ ක්‍රීඩි­කාව ලෙස සම්මාන දිනා ගැනී­මට සමත්ව තිබේ.

චමරි මේ සම්මා­නය දිනා­ගත් දෙවැනි අව­ස්ථාව මෙය වන අතර, මින් පෙර පසු­ගිය වසරේ සැප්තැ­ම්බර් මාසයේ ක්‍රීඩි­කාව ලෙස ද සම්මාන දිනා ගත්තාය. ඇය පසු­ගිය වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩි­කාව ලෙස අයි­සීසී සම්මාන දිනා ගෙන තිබිණි.

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය සුදු­සු­කම් ලබා ගැනීම සඳහා පැවති තර­ගා­ව­ලි­යේදී මැයි මාසයේ පැවති තර­ග­ව­ලදී පම­ණක් ඇය ලකුණු 151ක් රැස් කිරී­මට සමත්ව ඇති අතර, කඩුලු 6ක දවා ගැනී­මට ද සමත් වූවාය. එම තර­ගා­ව­ලි­යේදී ඇය ඉනිම 6කදී ලකුණු 226ක් රැස් කළාය.

මෙවර මැයි මස ක්‍රීඩිකා සම්මාන වෙනු­වෙන් චමරි සම­ඟින් ස්කොට්ල­න්තයේ කැත්‍ර­යන් බර්සි සහ එංග­ල­න්තයේ සොෆී එක්ල්ස්ටෝන් ද තර­ග­යට එක්ව සිටි­යහ.

මේ අතර මැයි මාසයේ ක්‍රීඩ­කයා ලෙස සම්මාන දිනා ගැනී­මට බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ගුඩ­කේෂ් මෝති සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button