Cricket NewsEXCLUSIVERishie Bro

වෙන්දේසියෙන් ඉවතට විසි වූ චමරි අතපත්තු, ලැබූ අවස්ථාවෙන් WBBL පිටිය ගිනියම් කල හැටි.

මූලික කෙටුම්පතෙන් ඇයව කවුරුත් ලබා ගන්නේ නැ…
අවසානයේ සිඩ්නි තන්ඩර් පිල 5වෙනි විදෙස් ක්‍රීඩිකාව ලෙස ඇයව ලබා ගන්නවා. මේක මග හරින්න බැරි අවස්ථාවක්….
ලැබුනු පලවෙනි තරග දෙකේම අර්ධ ශතක ලබාගෙන තරගයේ වීරවරිය වෙනවා.
එතැනින් පස්සේ ඇයව නවත්තන්න සක්කරයාටවත් බැරි වුනා.

මෙවර කාන්තා බිග්බෑෂ් ලීගයේ මූලික වටයේ අවසන් වෙද්දි ඇය තරගාවලියේ දෙවෙනි වැඩිම ලකුණුලාභිනිය වෙලා…
ලකුණු 511ක් ලබාගෙන 42.58ක ඉහල පිතිකරන සාමාන්‍යයක් රදවාගෙන තියෙනවා. හයේ පහරවල් 17ක් ඇයගේ පිත්තෙන් ගිණියම් වෙලා… ප්‍රහාරක වේගය 129.69ක්…

ඒ අතරේ පන්දුවත් අතට ගත් චමරි කඩුලු 9කුත් දවාගෙන තියෙනවා.

ඇයව අවතක්සේරු කරපූ ලීග් පිටියට ඇය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හොදම කාන්තා ක්‍රිකට් ලීගය වෙන ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් ලීගයෙත් රජ කරන තනි රැජිණිය ඇයම පමණයි කියලා මේ වෙනකොටත් තහවුරු කර අවසන්…

අන්න ඒ නිසාමයි ඇයගේ නමින් සිඩ්නි පිටියේ වෙනම කොටසක් නම් වෙන්නේ… ඒ නිසාමයි අද ඇය මෙවර බිග්බෑෂ් ලීගයේ තරගාවලියේ වීරවරිය ලෙස නම් වෙන්නේ…!

ශ්‍රී ලාංකීය මාගේ මාතෘ භූමිය,
ඇය තනිවම ලෝකය හමුවේ අභිමානයට පාත්‍ර කර හමාරයි !

✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
83
+1
27
+1
211
+1
10
+1
11
+1
12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button