Cricket NewsEXCLUSIVEPremier League

ඩුබායි ජාත්‍යන්තර පිටිය ගිණිකෙලි සැණකෙලියක් කරමින් Fairbreak ආරාධිත ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟයේදීම චමරි අතපත්තුගෙන් වේගවත් ශතකයක් !

FairBreak Invitational welcomes an exhilarating new world of cricket to Dubai - Sport

ප්‍රථම වරට සංවිධානය කරනු ලබන FairBreak ආරාධිත ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ඊයේ (04) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වුණි.මෙවර තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හා උදේශිකා ප්‍රබෝධනී එක්ව තිබීම විශේෂත්වයක්.

මෙවර තරඟාවලිය ආරම්භ කරමින් ෆැල්කන්ස් හා වොරියර්ස් කණ්ඩායම් අතර පළමු තරඟය පැවැත්වුණි.එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නියෝජනය කරන ෆැල්කන්ස් කාන්තා කණ්ඩායමේ නායිකාව වූ සුසී බේට්ස් කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වොරියර්ස් කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කර සිටියා.

මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ Georgia Redmayne හා Hayley Matthews විශිෂ්ඨ ආරම්භක සබඳතාවයක් ගොඩනගන්නට සමත් විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Georgia නොදැවී ලකුණු 80 ක් රැස් කල අතර Matthews ලකුණු 58 ක් රැස් කලේය.නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 177 ක් රැස් කරන්නට වොරියර්ස් පිල සමත් විය. පන්දු ‍යැවීමේදී Sornnarin Tippoch හා Mariko Hill අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

Falcons' Chamari Athapaththu celebrates her century against Warriors. Chris Whiteoak / The National

ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 18 කුත් පන්දු හතරක් අවසානයේදී කඩුලු 2 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකර ගියේය.ෆැල්කන්ස් පිල වෙනුවෙන් ලකුණු 133 ක විශිෂ්ඨ ආරම්භ සබඳතාවයක් එක් කරන්නට නායිකා සුසී බේට්ස් හා චමරි අතපත්තුට හැකි විය.ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය සුසී බේට්ස් ලකුණු 60 ක් රැස් කලේය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු පන්දු 55 කදී නොදැවී ලකුණු 107 ක් රැස් කලේය. චමරිගේ ඉනිමට 6 පහර 5 ක් හා 4 පහර 13 ක් අන්තර්ඝත විය.Hayley Mathews හා Esha Oza අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

තරඟයේ වීරයා ලෙසින් සම්මානය දිනා ගන්නට චමරි අතපත්තු සමත් වූ අතර ඒත් සමඟින් මෙවර තරඟාවලියේ පළමු තරඟය කඩුලු 8 කින් ජයගත් ෆැල්කන්ස් පිල ප්‍රසාධ ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් විය.

The FairBreak Invitational trophy on display for the opening ceremony, Warriors vs Falcons, FairBreak Invitational Tournament 2022, Dubai, May 04, 2022

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7