Cricket NewsEXCLUSIVELegends Series

මෙතෙක් සහබාගි වූ තරඟ ත්‍රිත්වයම ජයගත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම, Legends ලෝක ශුරතාවලියේ පෙරමුණ ගනී.!

Road Safety World Series තරඟාවලියේ දෙවන සංස්කරණය මේ දින වල ඉන්දියාව කේන්ද්‍ර කොටගමින් පැවැත්වෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා තරඟාවලිය සෑම වසරකම සංවිධානය කරනු ලබනවා.

තරඟාවලියේ පළමු වටයේ පළමු අර්ධය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වන විට තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබාගන්නට ටී එම් ඩිල්ශාන් නායකත්වය දරණ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

මෙවර තරඟාවලියේ රැඳී සිටින එකම අපරාජිත කණ්ඩායම වන ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනකට සහභාගී වෙමින් එම තරඟ තුනම ජයගනු ලැබුවා ඒ ඔස්ට්‍රේලියාව,එංගලන්තය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් එලෙස ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

මේ වන විට ප්‍රසාද ලකුණු 6 කට හිමිකම් කියමිනුයි ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණගෙන තිබෙන්නේ දෙවැනි තැන කොදෙව් කණ්ඩායමට හා තෙවැනි තැන ඉන්දීය කණ්ඩායමේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීලඟ තරඟය ලබන 24 වැනිදා දෙහෙරාදූන් හිදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button