Cricket NewsEXCLUSIVELPL

LPL තව තවත් උණුසුම් කරමින් චාමික සහ කුසල් මෙන්ඩිස් උණුසුම් වචන හුවමාරුවක පැටලෙයි – නායක දසුන් තත්වය පාලනය කරයි.!

පසුගිය දෙසැම්බර් 5 වන දා සිට ආරම්භ වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

තරගාවලිය පුරාවට දෙස් විදෙස් සියලු ක්‍රිඩකයන්ගේ විශිෂ්ට පිතිකරණය, විශීෂ්ඨ පන්දු යැවීම් මෙන්ම සුවිශේෂී පන්දු රැකීම් ද දැක බලා ගැනීමේ අවස්ථාව මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදා වුනා

ඇතැම් අවස්ථාවලදී ක්‍රීඩකයින් ක්‍රීඩකයින් අතර යම් උණුසුම් වචන හුවමාරු ද දැක ගත හැකි වීම මෙවර තරඟාවලිය උණුසුම් කිරීමටද සමත් වුනා.

මිට පෙර ,Colombo Stars සහ Jaffna Kings අතර තරඟායේදී Naveen Ul Hq හා තිසර පෙරේරා අතරත් හා Naveen Ul Hq සහ චාමික කරුණාරත්න අතරත් මීට පෙර එවැනි උණුසුම් වචන හුවමාරු සිදු වූ බව ප්‍රෙක්ශක ඔබට මතක ඇති.

මෙවැනි උණුසුම් සිදූවිමක් ඊයේ රාත්‍රියේ පැවැත්වුනු මෙවර තරගාවලියේ 16 වැනි තරගය වූ Dambulla Giants සහ Galle Gladiators අතර තරඟයේදීද දැක ගැනීමට හැකිවුනා.

එලෙස උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ Dambulla Giants කණ්ඩායමේ චාමික කරුණාරත්න හා Galle Gladiators කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් අතරයි.

Gladiators කණ්ඩායම පිතිකරණයේ නිරත වෙමින් සිටින අවස්ථාවක චාමික කරුණාරත්න යොමු කළ පන්දුවක් හමුවේ පහරක් එල්ල කළ කුසල් මෙන්ඩිස් ලකුණු දෙකක් කරා දිව ගියා.

එම අවස්ථාවේ දී යි චාමික කඩුලල වෙත පන්දුව විසි කිරීමට තැත් කල අතර එම අවස්ථාවේ මෙන්ඩිස් හා චාමික අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදු වුණා.

එම උණුසුම් සිදුවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button