Cricket NewsEXCLUSIVE

ලීග් ක්‍රිකට් ලොව අලුත්ම ලීගයේ වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩක කාණ්ඩයට චාමික කරුණාරත්නත් ඇතුලත් වෙයි.!

දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප්‍රධානතම විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන SA20 තරඟාවලිය ලබන වසර ආරම්භයේදී දේදුණු දේශය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට නියමිතයි.ඉකුත් අගෝස්තුවේදී තරඟාවලියේ නමද යාවත්කාලීන කෙරුණු අතර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් හිමිකරුවන් විසින් මෙහි කණ්ඩායම් කිහිපයකම හිමිකාරීත්වය දරණවා.

මේ දිනවල විශාල වශයෙන් මෙවර තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයින්ගේ නම් ඇතුලත් වීම සිදුවනවා.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න වෙන්දේසියේ ඉහළම වටිනාමක් සහිත කාණ්ඩයට යටතේ වන කෙටි ලැයිස්තුවට කර තිබෙනවා.එහිදී චාමිකට හිමිවන වටිනාකම ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 36 ක් ලෙසටයි ගණන් බලා තිබෙන්නේ.

කෙසේ නමුත් එම කාණ්ඩයට නම් කර ඇති එකම ආසියානු ක්‍රීඩකයාද වන්නේ චාමික කරුණාරත්න යි.එහි ඇතුලත් වන සෙසු ක්‍රීඩකයින් වනුයේ Jason Roy, Eoin Morgan, Adil Rashid, Jimmy Neesham, Oden Smith, Jayden Seales හා Tymal Mills යන ක්‍රීඩකයින් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button