Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන ජයග්‍රහණය, වාර්තාමය චිත්‍රපටයකට නැගුවොත් මට එහි ප්‍රධාන චරිතය ලෙස දසුන් ශානකගේ චරිතය නිරෑපනය කරන්න ඕනී. ” හිටපු ඉන්දීය ක්‍රීඩක Waseem Jaffer –

 

සය වැනි වරටත් ආසියානු කුසලානයක පහස විඳින්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වූයේ ප්‍රභල පකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමිනි. මෙවර තරඟාවලියේ දෙවන වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසු කම් ලබාගත් මුත් පළමු තරඟයේදීම අමිහිරි පරාජයක් විඳදරාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

අවසන් මහා තරඟය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙද්දී ඔවුන් හමුවේ ආසියාවේ ප්‍රභලතම කණ්ඩායම් හතරට පරාජය වන්නට සිදුවිය. අත්දැකීම් අතින් ගත් කල අඩුම අත්දැකීම් සහිත කණ්ඩාම ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලානයට පිවිසුණි.

ශූරයින් ලෙස කිරුළු පැලැඳි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කැපී පෙනෙන සාධකයක් වූවා.බොහෝ විචාරකයින් හා විශ්ලේශකයින් අදහස් පල කලේ දසුන් යනු විශිෂ්ඨ නායකයෙකු කියාය.

හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙන්ම වර්ථමානයේ විස්තර විචාරකයෙකුද වන වසීම් ජැෆර් පසුගියදා BatBricks7 ඉදිරිපත් කරන Run Ki Runneeti වැඩසටහන සමඟින් එක්වෙමින් කියා සිටියේ තමා ආසියානු කුසලානය පිළිබඳව වාර්ථා චිත්‍රපටයක් නිශ්පාදනය කරන්නේ නම් එහි දසුන් ශානකගේ චරිතයට ඔහු පණ පෙවීමට බලාපොරොත්තු වන බවය

“චිත්‍රපටයක තේරීමක් ලැබුණොත් මම දසුන් ශානකගේ චරිතයට පණ පොවන්නට කැමතියි. ඒ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් කළොත් එහි ප්‍රධාන චරිතය රඟපාන්න අවශ්‍ය නිසයි.” යනුවෙන් ෆැෆර් එහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button