Cricket NewsEXCLUSIVE

LPL හි දැක්වූ සුපිරි දස්කම් හේතුවෙන් චාමික කරුණාරත්නට නැවතත් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර වෙන ලකුණු – ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව නම් කිරීමට සැරසෙන සුපිරි සංචිතය.!

එළඹෙන ජනවාරි 3 වනදා සිට ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සදහා මේ දිනවල LPL පිටියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් රැසක්ද ඇතුලත් කරමින් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඒ අනුව ආබාධයෙන් මාස 10කට පමණ පසු අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රි ලංකා ජාතික සංචිතයත් සමග එක්වී ඇති අතර ආබාධයෙන් පසු ඩිල්ශාන් මදුශංකත් නැවත සංචිතය සමග එකතු වී තිබෙනවා. එසේම LPL තරගාවලියේ දක්ෂතා දැක් වූ නුවන් තුෂාර , සදීර සමරවික්‍රම වැනි ක්‍රීඩකයින්ද නැවත ශ්‍රි ලංකා සංචිතයට කැඳවා ඇති අතර ඇෆ්ගනිස්තානය සමග තරගාවලියෙන් ඉවත් කල චාමික කරුණාරත්න ද නැවත සංචිතයට කැදවා තිබෙන බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ.

ඒ අනුව ඉන්දීය තරග සංචාරය සදහා වියහැකි යැයි අනුමාන කෙරෙන ශ්‍රි ලංකා සංචිතය පහතින්,

විස්සයි-20 සංචිතය

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස් (wk)
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
දසුන් ශානක (C)
භානුක රාජපක්ෂ
අශේන් බණ්ඩාර
සදීර සමරවික්‍රම (wk)
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන්
දිල්ෂාන් මදුෂංක
නුවන් තුෂාර
චාමික කරුණාරත්න
අවිශ්ක ප්‍රනාන්දු

එක්දින සංචිතය

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස් (wk)
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
දසුන් ශානක (C)
අශේන් බණ්ඩාර
නුවනිදු ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම (wk)
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහිෂ් තීක්ෂණ
ජෙෆ්රී වැන්ඩර්සේ
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන්
දිල්ෂාන් මදුෂංක
චාමික කරුණාරත්න
අවිශ්ක ප්‍රනාන්දු

එමෙන්ම මෙම තරගාවලිය සදහා සහභාගි වීමට නියමිත ශ්‍රි ලංකා සංචිතය එළැඹෙන 29 වෙනිදා දිවයිනෙන් පිටත්ව ‍යෑමට නියමිත අතර මෙම තරග සංචාරයට විස්සයි-20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුලත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button