Cricket NewsEXCLUSIVE

LPL අතරතුර සිදු වූ අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානකට සැත්කමක්.!

මේ දින වල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු වටයේ තරඟයක් ඉකුත් ඉරිදා Dambulla Aura හා Kandy Falcons කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී යාර තිහේ සිමාව අසල පන්දු රකිමින් සිටි දසුන් ආබාධයකට ලක්වූ අතර ඔහු පිටියෙන් ඉවත් වුවා.

එසේ ශානකගේ දකුණු අතෙහි මැද ඇඟිල්ල අබාධයකට ලක්වූ අතර මූලික ස්කෑන් පරික්ෂාවක් සඳහා නවලෝක රෝහල වෙත යොමු කල බවත් ආබාධය එතරම් බැරෑරුම් නොවන බවත් එහිදී පූර්වා‍රක්ෂාව උදෙසා සැත්කමක් සිදු කල බව සඳහන්.

ඊයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයෙන් ද දසුන් විවේක ගන්වා තිබුනා. එමෙන්ම එලඹෙන ඉන්දියා ශ්‍රී ලංකා එක්දින හා විස්සයි-20 තරඟාවලිය සඳහා ද ශානක හට එක්වීම සඳහා ගැටලුවක් නොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් හි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button