Cricket NewsEXCLUSIVE

චමින්ද වාස් නැවතත් වේග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය හා එක් වෙයි.!

බංග්ලාදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලය සන්නද්ධ කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ.ඒ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා පුහුණුකරුවන් කිහිප දෙනෙකු පත්කිරීමත් සමඟිනි.මේ බව මීට සුළු මොහොතකට පෙර ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කලේය

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රීඩක නවීඩ් නවාස් 2022 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකක කාලයක් සඳහා ජාතික කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.මෙම පත් කිරීම බොහෝ කලක පටන් ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂාවෙන් සිටි දෙයකි.

නවාස් මීට පෙර බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එහිදී ඔහු 2020 දී 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කරා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරුවන ක්‍රිස් සිල්වර්වුඩ් සමඟින් එක්වන සහය පුහුණුකරු වන නවීඩ් නවාස්ගේ පළමු නිළ තරඟාවලිය වනුයේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියයි.

මේ අතර මීට පෙරද ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කල චමින්ද වාස්ගේ ගිවිසුම් ගත ධුර කාලය පසුගියදා නිමා විය.කෙසේනමුත් එළැඹෙන බංගලාදේශ තරඟාවලියේදී ජාතික කණ්ඩායම සමඟ කටයුතු කිරීමට චමින්ද වාස් යලි එක්වනු ඇත. ඒ ඔහු වේගපන්දු යැවීමේ ප්‍රධාන පුහුණු කරු ලෙසින් යලිත් ධුරයේ පිහිටුවීමත් සමඟිනි.

එමෙන්ම එලැබෙන බංග්ලාදේශ තරඟාවලියේදී මනෝජ් අබේවික්‍රම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.මීට පෙර එම කාර්‍ය භාරව සිටියේ ශේන් මැක්ඩර්මොට් ය. මෙවර ජාතික කණ්ඩායම් කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා කටයුතු කිරීමට නියමිත අතර ඔහුද මීට සති කිහිපයකට පෙර එම ධුරයේ පිහිටුවීය.

ජගත් ක්‍රිකට් කවුන්සිල ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශ සංචාරය අතරතුර තරඟ 02 කින් යුත් ටෙස්ට් තරඟාවලියකට ක්‍රීඩ කිරීමට නියමිත අතර තරඟාවලිය ලබන මැයි මස 15 වැනිදා බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7