Cricket NewsEXCLUSIVEIPL

භානුක රාජපක්ෂ වෙනුවට Punjab Kings කණ්ඩායමට පැමිණි Jonny Bairstow පිට පිටම තෙවන තරඟයේත් අසාර්ථකයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 28වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ Sunrisers Hyderabad කණ්ඩායම අතර තරඟය ආරම්භ වුවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 5කට සහබාගි වී ඉන් තරඟ 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සිව් වන සහ පස් වන තරඟ වලට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියා, නමුත් ඔහුට භානුක තරම් සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. එමෙන්ම අද තරඟයේදීත් භානුක රාජපක්ෂ හට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුයේ නැහැ. Jonny Bairstow අද තරඟයටත් ක්‍රීඩා කරනු ලැබුවා.

කෙසේ නමුත් අන් අවස්ථා දෙකේදී මෙන්ම පිට පිටම තෙවන තරඟයේත් Jonny Bairstow අද අසාර්ථක වුවා.

භානුක රාජපක්ෂ ක්‍රීඩා කල අංක 3 ස්ථානයේ ක්‍රීඩා කල Jonny Bairstow හට අද දිනයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 12ක් පමණයි. එමෙන්ම පසුගිය තරඟයේ දීද ඔහු රැස් කලේ ලකුණු 12ක් පමණයි.

අද දිනයේදී Jagadeesha Suchith විසින් යොමු කල පන්දුව හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට Jonny Bairstow දැවී ගියා

ඔහු දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button