Cricket NewsEXCLUSIVEInternational

චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය ශ්‍රී ලංකාවේ පව­ත්වන්න – ඉන්දි­යාව අයි­සී­සී­යෙන් ඉල්ලයි

එළ­ඹෙන චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය මධ්‍යස්ථ රටක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැ­ත්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආය­ත­නය අයි­සී­සී­යෙන් ඉල්ලීම් කරයි. ශ්‍රී ලංකාවේ පැවැ­ත්වී­මට නොහැකි නම් චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන යන ලෙස එම ලිඛිත ඉල්ලීමේ සඳ­හන් වේ.

චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ සත්කා­ර­ක­ත්වය මෙවර පාකි­ස්තා­න­යට පැවරී ඇති අතර, දේශ­පා­ල­නික හේතු­මත ඉන්දි­යාව පාකි­ස්තා­නය බලා ගමන් නොගන්නා බැවින් මේ ඉල්ලීම කර ඇත. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩා­යම ලබන පෙබ­ර­වාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මිත චැම්පි­යන්ස් කුස­ලාන තර­ගා­ව­ලිය වෙනු­වෙන් පාකි­ස්තා­න­යට නොයන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ පැවැති රැස්වී­ම­කදී සාක­ච්ඡාවී ඇත.

තර­ගා­ව­ලි­යට කණ්ඩා­යම් 8ක් සහ­භාගි වන අතර, සියලු තරග ලාහෝර්, රාව­ල්පින්ඩි සහ කරච්චි නුව­රදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති බව දැන­ට­මත් නිවේ­ද­නය කර ඇත.

මෙයට පෙර ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ පාකි­ස්තා­නයේ තර­ග­ව­ලට ඉන්දි­යාව සහ­භාගී නොවීම හේතු මත එම තරග ශ්‍රී ලංකාවේ පැවැ­ත්විණි. ඒ ආකා­ර­යෙන්ම එළ­ඹෙන චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය ශ්‍රී ලංකාවේ පව­ත්වනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආය­ත­නයේ අපේ­ක්ෂාව වී තිබේ.

මෙවර තර­ගා­ව­ලි­යට පාකි­ස්තා­නය, ඇෆ්ග­නි­ස්තා­නය, ඔස්ට්‍රේ­ලි­යාව, බංග්ලා­දේ­ශය, එංග­ල­න්තය, ඉන්දි­යාව, නව­සී­ල­න්තය හා දකුණු අප්‍රි­කාව සහ­භාගි වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button