BPLCricket NewsEXCLUSIVEInternationalPremier League

BPL ප්‍රමිතියක් නෑ කියූ බංගලාදේශ පුහුණුකරු හතුරුසිංහට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් බාල්දියක් පෙරළෙයි.

රී ලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 6කටත් වඩා අඩු කාලයක් තිබියදී බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර, විශාල මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කිසියම් ආචාර ධර්ම පද්ධතියක් කඩ කර ඇත්නම් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එරට ක්‍රිකට් ආයතනය පැවසීම දක්වා මේ මත ගැටුම උත්සන්න වී ඇත.

චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ ප්‍රධානතම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ප්‍රසිද්ධියේ විවේචනය කළ බවට චෝදනා එල්ලවීමෙන් මේ මත ගැටුමේ ආරම්භ විය. “අපිට හරියාකාර විස්සයි20 තරගාවලියක් නැහැ. මේක හරිම අමුතු තරගාවලියක්. මම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නරඹන විට සමහර වෙලාවට රූපවාහිනිය නිවා දමනවා. ඇතැම් ක්‍රීඩකයන් සුදුසු මට්ටමේ නැහැ” යනුවෙන් හතුරුසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම මේ ගැටුමේ ආරම්භය වේ. “දැන් පවතින ක්‍රමය ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත් විය යුතුයි. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය යමක් කළ යුතුයි. බීපීඑල් සම්බන්ධයෙන් යම් නීතිරීති තිබිය යුතුයි. ක්‍රීඩකයන් තරගාවලිය අතරතුරදී තවත් තරගාවලියකට යනවා. සර්කස් එකක් වගේ. මෙහෙම වුණාම ප්‍රේක්ෂක ජනතාවගේ ක්‍රිකට්වලට ඇති උනන්දුව නැති වී යනවා. හරියට මට උනන්දුව නැති වුණා වගේ” පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවේදී පවසා තිබිණි.

හතුරුසිංහ මහතාගේ මේ සම්මුඛ සාකච්ඡාව බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයේ කුණාටුවක් ඇති කළ හෙයින් එරට ක්‍රිකට් පාලක ආයතනය වහාම ප්‍රතිචාර දැක්වීය.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නසිමුල් හසන් මහතා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට කිසියම් අවවාදයක් කරමින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
2
+1
49
+1
3
+1
8
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button