Cricket NewsEXCLUSIVE

ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ එකම බිංදුවක් හෝ නොමැතිව දිනේෂ් චන්දිමාල් ලකුණු දහසේ සිමාව පසු කරයි.!

නිමාව දුටු ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තෙවැනි විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනෙශ් චන්දිමාල් විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සීමාව පසු කර යාමට සමත් වුනා.

එය වාර්ථා අතරට එක්වූයේ එම කඩයිම පසුකර යාමේදී චන්දිමාල් විසින් එකදු හෝ ලකුණු බිංදුවකට දැවී ගොස් නොමැතිව මෙම කඩයිම පසුකර යෑමට සමත් වීමයි.

කෙසේනමුත් එලෙසම විස්සයි-20 පිටියේ ලකුණු දහස පසු කිරීමට සමත්වූ ක්‍රීඩකයන් අතුරින් අඩුම ප්‍රහාරක වේගයක් සහිත ක්‍රීඩකයා ලෙසටත් චන්දිමාල් ඉතිහාසයට එක් වුනා.

දිනේශ් චන්දිමාල් මේ සදහා ඉනිම් 57 ක් වැය කරමින් එහිදී පන්දු 954 කට මුහුණ දී තිබේ.මෙය එතෙක් මෙතක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුල ලකුණු 1000 සීමාව පසු කර යන්නට ක්‍රීඩකයෙකු මුහුණ දුන් වැඩිම පන්දු ගනනද වේ.

දිනේශ් චන්දිමාල්ගේ විස්සයි විස්ස ප්‍රහාරක වේගය 104.40 ක් වන අතර එය ලකුණු 1000 කඩයිම පසු කල ක්‍රීඩකයෙකු සතු අඩුම ප්‍රහාරක වේගයද වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7