Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League අවසන් සංග්‍රාමයට කණ්ඩායම් 3ක් කරට කර සටනක.!

මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය බවට පත්ව තිබෙන National Super League එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය උදා වෙත්ම අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම සඳහා යාපනය, ගාල්ල සහ කොළඹ යන කණ්ඩායම් අතර තුන්කොන් සටනක් නිර්මාණය වී තිබෙනවා.

මෙතෙක් තරගාවලියේ තරග ජයග්‍රහණ 5 ක් වාර්තා කරගනිමින් ප්‍රසාද ලකුණු 26 ක් ලබා සිටින නුවර කණ්ඩායම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාව උදාකරගෙන සිටිනවා.

කෙසේ නමුත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න පෙබරවාරි 16 වැනිදා පැවැත්වීමට නියමිත තරග 2 දී තීරණය වනු ඇත.

එදිනදී නුවර සහ ගාල්ල යන කණ්ඩායම් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීද ජැෆ්නා සහ කලම්බු කණ්ඩායම් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ලබති.

එම තරග අතුරින් යාපනය කණ්ඩායම ජය වාර්තා කරගැනීමට සමත් වුවහොත් සෙසු තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ඔවුන් කිසිදු බාධාවකින් තොරව අවසන් මහ තරග සටනේ නුවර කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත.

ගැටලුව පවතින්නේ මේ දිනවල දඹුල්ල අවට ප්‍රදේශයට ඇද හැළෙ වර්ෂාව හේතුවෙනි.

එම තත්ත්වය නිසා ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල සහ නුවර අතර තරගය එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.

මෙම තත්ත්වය 16 වැනිදා තරගයටද බලපෑවහොත් තත්ත්වය වඩාත් සංකීර්ණ වනු ඇත. එසේ වුවහොත් දෙපිළටම ප්‍රසාද ලකුණු 2 බැගින් පිරිනැමෙන අතර යාපනය පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ යනු ඇත.

ඒ අනුව එදින පැවැත්වීමට නියමිත ගාල්ල සහ නුවර අතර තරගයෙන් නුවර පිල ජය වාර්තා කිරීමට සමත් වුවහොත් යාපනය පිලට කිසිදු අපහසුවකින් තොරව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවන නමුත්, තරග 7 කදී ජයග්‍රහණ 4 ක් වාර්තා කර සිටින ගාල්ල කණ්ඩායම ජය වාර්තා කළහොත් බෝනස් ලකුණු රහිතව වුවද ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 21 දක්වා ඉහළ යනු ඇත.

එසේ වුවහොත් අවසන් මහ තරගය නුවර සහ ගාල්ල අතර තරගයක් බවට පත්වනු ඇත.

කොළඹ කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කිරීමේදීද යාපනය තරගය ප්‍රසාද ලකුණද සමඟ ජය ගැනීමට කොළඹ පිල සමත්වී පල්ලකැලේ පැවැත්වීමට නියමිත ගාල්ල සහ නුවර අතර තරගයෙන් නුවර ජය ගනු ලැබුවහොත් කොළඹ කණ්ඩායමටද අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

මෙකී තත්ත්වය යටතේ ප්‍රසාද ලකුණු අහිමිව තරගය ජය ගනු ලැබුවහොත් යාපනය සහ කොළඹ කණ්ඩායම් අතර ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18 බැගින් සම තත්ත්වයට පත් වේ.

එසේ වුවහොත් ඉදිරියට යනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තීරණය කිරීමට නියමිතය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button