Cricket NewsEXCLUSIVE

UAE සමග තීරණාත්මක තරඟයට චරිත් අසලංක නැවත කණ්ඩායමට කැඳවයි – ධනිෂ්ක ගුණතිලක සංචිතයෙන් ඉවතට.!

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවර තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අද UAE සමග පැවැත්වෙන තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත් වී තිබෙනවා.

ඒ අනුව මෙම තරගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයෙන් පමණක් සෑහිමකට පත්වීමට හැකියාව ලැබෙන්නේ නැහැ, දළ ලකුණු ලබාගැනීමේ වේගය ද ඉහළ තැනකට රැගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනවා.

අද තීරණාත්මක තරඟයේ දී ධනුෂ්ක ගුණතිලක වෙනුවට පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංකව නැවත කණ්ඩායමට කැඳවීමට නායක දසුන් ශානක තීරණය කර තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ UAE නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියයා.

ඒ අනුව අද ක්‍රීඩා කරන කණ්ඩායම් පහතින්

ශ්‍රී ලංකා කණ්ඩායම

Pathum Nissanka
Kusal Mendis (WK)
Dhananjaya de Silva
Charith Asalanka
Bhanuka Rajapaksa
Dasun Shanaka (C)
Wanindu Hasaranga
Chamika Karunaratne
Dushmantha Chameera
Pramod Madushan
Maheesh Theekshana

UAE කණ්ඩායම

Muhammad Waseem
CP Rizwan (C)
Aryan Lakra
Vriitya Aravind
Chirag Suri
Basil Hameed
Kashif Daud
Aayan Afzal Khan
Karthik Meiyappan
Junaid Siddique
Zahoor Khan

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button