Cricket NewsEXCLUSIVE

“අද ශ්‍රී ලංකානුවන් ඔවුන්ගේ ඇත්ත ක්‍රිකට් එක පෙන්නාවි” – ජාත්‍යන්තර විස්තර විචාරක Pommie Mbangwa

වසරේ දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවර තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අද පැවැත්වීමට තිබෙන තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත් වී තිබෙනවා.

ඒ අනුව මෙම තරගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයෙන් පමණක් සෑහිමකට පත්වීමට හැකියාව ලැබෙන්නේ නැහැ, දළ ලකුණු ලබාගැනීමේ වේගය ද ඉහළ තැනකට රැගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පැවැති පළමු තරගයෙන් නැමීබියා කණ්ඩායම ඉදිරියේ අනපේක්ෂිත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

මේ අතර ඊයේ සිම්බාබ්වේ සහ ස්කොට්ලන්ත යන කණ්ඩායම් අතර පැවති තරඟය අතරතුර තරඟ විස්තර විචාරක පොමී සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව අද දිනයේ දී ඔවුන්ගේ ඇත්ත ක්‍රිකට් ක්‍රීඩාව පෙන්වා දෙනු ඇති බවයි.

මෙම තීරණාත්මක තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7