Cricket NewsDomestic CricketEXCLUSIVE

චරිත් අසලංකගේ සහ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිකරණය මතින් දඹුල්ල පරාජය කළ කොළඹ National Super Leagueයේ පෙරමුණට.!

පන්දු යවන්නන්ගේ දස්කම් මෙන්ම කුසල් මෙන්ඩිස්ගේ (67) සහ චරිත් අසලංකගේ (නොදැවී 52) අර්ධ ශතක හමුවේ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති National Super League තරගාවලියේ 4 වැනි තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය.

අද තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට පන්දු වාර 40 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.

ලසිත් අබේරත්න පන්දු 53 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත් අතර නායක අශාන් ප්‍රියංජන් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් ලබාගැනීමට සමත්විය.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් ද, කළණ පෙරේරා සහ චරිත් අසලංක කඩුලු 2 බැගින්ද දවාගනිමින් දඹුල්ල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ලකුණු 144 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොළඹ කණ්ඩායම පන්දුවාර 20.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යාමට සමත් විය.

ධනුෂ්ක ගුණතිලක සමගින් පළමු කඩුල්ලට පන්දු 31 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් ඉන් නොනැවතී චරිත් අසලංක සමගින් දෙවැනි කඩුල්ලට පන්දු 62 කදී තවත් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුනා.

කුසල් මෙන්ඩිස් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 67 ක් සහ චරිත් අසලංක පන්දු 46 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් ලබාගනිමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූනා.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button