Cricket NewsEXCLUSIVE

දේශිය පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් කුසල් මෙන්ඩිස් වේගවත් අර්ධ ශතකයක් රැස් කරමින් සුපුරුදු රිද්මයට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ ද විශේෂ අවධානයක් යොමු වූ ක්‍රීඩකයකු ලෙසටයි කුසල් මෙන්ඩිස් සැලකෙන්නේ.

පසුගිය 2021 වසරේ පැවැති එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුලේ නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වසරක ක්‍රිකට් තහනමක් සහ රුපියල් ලක්ෂ 100 ක දඩ මුදලක් ගෙවීමට නියම වූ ක්‍රීඩකයින් තිදෙනාගෙන් අයෙකු වන කුසල් මෙන්ඩිස් පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි දස්කම් දැක්වීමට සමත් වූයේ තමන් වැරදි නිවැරදි කරගෙන ඇති බව රටටම පෙන්වමිනි.

LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත් වෙමින් එය තහවුරු කිරීමටද කුසල් මෙන්ඩිස් සමත් වුනා.

එම LPL තරගාවලියෙන් අනතුරුව එම දඩුවම පැනවු ක්‍රීඩකයින් තිදෙනා හට පණවා තිබූ තරඟ තහනම ද ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර අනතුරුව පැවති සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට ද කුසල් මෙන්ඩිස් එක් වූයේ සංචිතයට නම් වී සිටියත් නමුත් සිටි ජනිත් ලියනගේ හට හදිසියේ කොරෝනා රෝගය වැළදීම හේතුවෙනි.

කෙසේ නමුත් එම තරඟාවලිය පුරාවට සැලකිය යුතු දස්කමක් දැක්වීමට කුසල් මෙන්ඩිස්ට නොහැකි වූ අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කර ඇති National Super League තරගාවලියේ දී නැවතත් සිය සුපුරුදු දස්කම් අතරට පිවිසීමට කුසල් මෙන්ඩිස් සමත්ව සිටිනවා.

අද පැවති National Super League තරඟාවලියේ හතරවෙනි තරඟය වූ දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර අද පැවති තරගයෙන් කුසල් මෙන්ඩිස් පන්දු 44 ක් තුළ ලකුණු 67 ක් රැස් කිරීමට සමත් වූයේ දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ද එල්ල කරමිණි.

කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා කුසල් මෙන්ඩිස්ගෙ මෙම පිතිකරණය දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ අතර කුසල් මෙන්ඩිස් නැවතත් සුපුරුදු රිද්මයට පැමිණීමද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුභ පෙරනිමිත්තක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7