Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ 157වන ටෙස්ට් ක්‍රීඩකයා ලෙස යොවුන් ක්‍රීඩක චරිත් අසලංකට හෙට දිනයේදී ටෙස්ට් වරම් – වැඩි විස්තර මෙන්න.!

ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 187කින් ජයග්‍රහණය කරමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට මෙන්ම ලෝක ශුරතා ටෙස්ට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 01 බවට පත් වීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා.

ඒ අනුව කොදෙව්වන් සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ද ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ රජ දහන වන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙට උදැසන ආරම්භ වීමට නියමිතය.

හෙටින් ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 157 ත් වන ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනාගැනීමට නියමිත බව විශ්වාසදායි ක්‍රිකට් ආරංචි මාර්ග SixCricket වෙත වාර්තා කර සිටිනවා.

නිමාව දුටු ඉන්දියා , දකුණු අප්‍රිකා මෙන්ම ලෝක කුසලාන තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට චරිත් අසලංක සමත් වුයේ පැහැබර ක්‍රිකට් අනාගතයක පෙර මන් සලකුණු තබමිනි,

කොදෙව් පිල සමඟ පැවැත්වීමට නියමිතව තිබුවත් පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ සිව් දින පුහුණු තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වරයාගේ කණ්ඩායමේ නායකත්වයද හිමිව තිබුණේද චරිත් අසලංකට ය.

ඉතින් චරිත්, නායකත්ව ලක්ෂණ වලින් හෙබි යොවුන් ක්‍රීඩකයකු වන ඔබගේ කුඩා කළ සිහිනය ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වීම බව අප දනිමු. ක්‍රිකට් ක්‍රීඩාවේ “රසම කොටස” ලෙසින් හැඳින්වෙන ටෙස්ට් පිටියට ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ 157වන ක්‍රීඩකයා ලෙසින්, ඔබ හෙටින් තබන පළමු පියවර ඔබටත් රටත් අතිශයින්ම ජයග්‍රාහී පියවරක් බවට පත් වේවායි SixCricket අප ප්‍රර්ථනා කරන්නෙමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7