Cricket NewsEXCLUSIVET10 League

වනිඳු හසරංග නියෝජනය කරන Deccan Gladiators කණ්ඩායම ලොව වේගවත්ම ලීගය හොල්ලයි – ප්‍රසාද ලකුණු සටහනෙත් අංක #01 ⁣ට.!

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

තරගාවලියේ 23වන තරඟය ලෙස අද Deccan Gladiators කණ්ඩායම සහ Northern warriors කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 19 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Deccan Gladiators කණ්ඩායම සමත් වූයේ මෙවර T10 ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තම නම ඉදිරියෙන් ලියා ගනිමිනි.

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංගද නියෝජනය කරනු ලබන්නේ Deccan Gladiators කණ්ඩායමයි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහනය කළ Northern Warriors කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Deccan gladiators කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 134ක් රැස් කිරීමට සමත් වුණා.

Gladiators කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරණය නිරතවූ Odean Smith පන්දු 11 ක් තුළ නොදැවී වේගවත් ලකුණු 32ක් රැස්කිරීමට සමත්වූ අතර Tom Moores පන්දු 19ක් තුළ ලකුණු 39 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Oshane thomas කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර Imran Tahir සහ Josh විසින් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 135ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණෙන් පිටියට පිවිසි Northern Warriors පිතිකරුවන්හට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 115ක් පමණයි.

Northern Warriors ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Ross Whiteley පන්දු 13ක් තුළ වේගවත් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වූ අතර Rovman Powell ලකුණු 25 ක් රැස්කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Wahab Riaz, Oden Smith සහ André Russell අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Gladiators කණ්ඩායම නියෝජනය කරන වනිදු හසරංග හට අද කඩුලු ලබා ගැනීමට නොහැකි වූ අතර ඔහුගේ පන්දුවාර දෙකේදී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව තරගාවලියේ විසි තුන්වන තරගය ජයග්‍රහණය කළ Deccan Gladiators කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තහවුරු කරගැනීමට සමත් වුණා.

Magic Moment Of The Match සම්මානය වනිදු හසරඟට හිමි වූ අතර තරඟයේ වීරයා සම්මානය හිමි වුයේ Wahab Riaz හටයි.

මේ වන විට තරඟාවලියෙ ප්‍රසාද ලකුණු සටහන පහතින්.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7