Cricket NewsEXCLUSIVEInternational

එක්දින ශ්‍රේණිගතකිරීම් ලයිස්තුවේ මුල් තුන අතරට පැමිණීම තම අපේක්‍ෂාව බව ශ්‍රි ලංකා එක්දින නායක චරිත් අසලංක කියයි.

ඉන්දියාවට එරෙහි පැවැති අවසන් එක්දින තරගාවලිය ජය ගත් නමුත්, ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එක්දින තරග රටාවේ දස්කම් වැඩි දියුණු කර ගැනීම කෙරෙහි දැඩි අවධානයෙන් පසුවෙයි. ඔහුගේ ඉලක්කය ඉක්මනින්ම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තිදෙනා අතරට පැමිණීමයි.

“ශ්‍රේණිගත කිරීම් වැදගත්… හොඳ ශ්‍රේණිගත කිරීම්වල සිටීමට නම් අපි නිරන්තරයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි”

“ශ්‍රේණිගත කිරීම් අතරේ පහළට වැටෙනවා කියන්නේ අපි නිරන්තරයෙන් හොඳින් ක්‍රීඩා කරලා නැහැ කියන එකයි. ඒත් දැන් අපිට ඉලක්කයක් තියෙනවා…. අපි පළමු තුන්දෙනා ඇතුළට එන්න ඕන. ඒත් ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ.  ඒකට ටිකක් කල් යනවා” යයි චරිත් අසලංක අද (19 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මාධ්‍ය හමුවේ පැවසීය.

“ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉහළින් ඉන්නවා නම් ගෝලීය තරඟාවලිවලදීත් හොඳින් දස්කම් දැක්වීමට පුළුවන්” යයි ද නායකයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button