Cricket NewsEXCLUSIVEIPLMatch Review

Sunrisers Hyderabad ලකුණු 13කින් පරාජය කරමින් Chennai Super Kings නැවතත් අති විශිෂ්ට ලෙස තරඟාවලියට ප්‍රවිෂ්ඨ වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 46වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 13ක ජයක් හිමි කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 202ක ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

මෙහිදී විශිෂ්ට පිතිකරණයක් දියත් කල Chennai Super Kings කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දේපල වූ Ruturaj Gaikwad සහ Devon Conway පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 182කක දැවැන්ත සම්බන්දතාවයක් පිහිටුවීමට සමත් වුයේ Sunrisers Hyderabadපන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමිනි

Ruturaj Gaikwad පන්දු 57කට මුහුණ දී ලකුණු 99ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුනා.

ඊට නොදෙවෙනි ඉනිමක් දියත් කල Devon Conway පන්දු 55ක් තුල ලකුණු 85ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 8ක් ඇතුලත් වුනා.

ඒ අනුව ලකුණු 203ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 189ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Nicholas Pooran පන්දු 33 තුල ලකුණු 64ක් රැස් කළා. නායක Kane Williamson පන්දු 37ක් තුල ලකුණු 47ක් රැස් කල අතර Abhishek Sharma ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mukesh Choudhary විසින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button