Cricket NewsEXCLUSIVEIPL

මහිෂ් තීක්ෂණගේ කැරම් පන්දු ඉදිරියේ නම් දැරූ ප්‍රභල Sunrisers පිතිකරුවන් පසුබායි – අදත් සුපිරි පන්දු යැවීමක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 46වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 13ක ජයක් හිමි කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 202ක ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 203ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 189ක් පමණයි

මෙම තරඟයේදීත් Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කරනු ලැබූ අතර ප්‍රතිවාදී පිතිකරුවන් මනා ලෙස පාලනය කිරීමට ඔහු සමත් වුනා.

ඔහුට අද දිනයේදී කඩුලු ලබා ගැනීමට නොහැකි වුවත් ඔහුගේ පන්දුවාර 4තුලම ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 26ක් පමණයි.

ලකුණු 203ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි Sunrisers Hyderabad පිතිකරුවන්ට මහිෂ්ගේ මෙම පන්දු වාර 4 දැඩි පීඩනයක් වූ බව විදේස් විචාරකයන් පවා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button