Cricket GossipEXCLUSIVE

අවසන් තරඟයේදී ක්‍රිඩා කරන විට ඇඳ සිටි ජර්සියද ක්‍රිකට් රසිකයකුට ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නික්ම ගිය “දෙබරවැව ලෙජන්ඩ් සුරා”

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ තවත් විශිෂ්ටතම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන සුරංග ලක්මාල් පසුගියදා ඉන්දියාව සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් අනතුරුව සිය ජාත්‍යන්තර ක්‍රිකට් දවියට සමු දෙනු ලැබුවා.

සුරංග ලක්මාල් විශ්‍රාම යන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ ඉහළම කඩුලු ලබා ගත් කඩුලු ලාභීන් අතර සිව්වන ස්ථානයේ පසු වුණා.

සුරංග ලක්මාල් සිය ටෙස්ට් ජීවිතයට සමුදෙන විට ටෙස්ට් තරග 71ක් ක්‍රිඩා කරමින් කඩුලු 171ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර ඔහු ක්‍රීඩා කළ අවසන් තරගයේදී ඉන්දීය ක්‍රීඩකයන්ගෙන්, විනිසුරුවන්ගෙන් සහ ඉන්දීය රසිකයන් ගෙන් පවා ඉතා උණුසුම් ප්‍රතිචාර හිමි වුණා.

මේ අතර සුරංග ලක්මාල් අවසන් තරඟයේදී ක්‍රිඩා කරන විට ඇඳ සිටි ජර්සියද ක්‍රිකට් රසිකයකු සිදු කල ඉල්ලීමක් අනුව ඔහුට ලබා දී තිබෙන බව වාර්තා වනවා.

35 හැවිරිදි ලක්මාල් අනතුරුව එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩ(ර්)බිෂයර් කණ්ඩායම සමග එක්වීමට නියමිතය. එම ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු වූ මිකී ආතර් ය.

දෙබරවැව රේවත මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ලක්මාල් අනතුරුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මෙරට පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීය.

අනතුරුව ඔහු ජයකෙහෙළි නැංවූයේ කොළඹ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට එක්වෙමිනි.ඔහු පළමුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක වූයේ 2009 වසරේ පාකිස්තාන ක්‍රිකට් සංචාරය සඳහාය.

ඔහු සිය මංගල ටෙස්ට් තරගයට එක්වූයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ය.

පසුව ඔහු ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියේ ප්‍රධානියා විය.තරග කිහිපයකදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ට නායකත්වය සැපයීමටද ලක්මාල් සමත් විය. ඔහු සාර්ථක නායකයෙක් විය.

අද ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ලක්මාල් ටෙස්ට් තරග 69කදී දවාගෙන තිබූ කඩුලු ගණන 170කි. එසේම එක්දින ජාත්‍යන්තර කඩුලු 109ක් සහ 20/20 ජාත්‍යන්තර කඩුලු 8ක් ඔහු ලබාගෙන තිබේ.

සුරංග ලක්මාල් ලබා දුන් අවසන් දිනයේ ඔහු ඇඳ සිටි ජර්සිය අත දරා සිටින ක්‍රිකට් රසිකයාගේ ජයාරූප කිහිපයක් පහතින්

01

 

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button