Cricket NewsEXCLUSIVE

මතිෂ පතිරණගේ සහ මහිෂ් තික්ෂනගේ සුපිරි දස්කම් මැදින් Chennai Super Kings මෙවර IPL තරඟාවලියේ සිව් වැනි ජයග්‍රහණයත් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 29වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 135ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන් පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 138ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button