Cricket NewsEXCLUSIVEIPLMatch Review

Mitchell Marshගේ සහ Warnerගේ සුපිරි පිතිකරණය හේතුවෙන් Rajasthan පරාජය කළ Delhi තව දුරටත් තරඟාවලියේ සිය ස්ථානය තහවුරු කර ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 58වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වුයේ ,මෙවර තරඟාවලියේ අවසන් වටයේ බලාපොරොත්තු තව දුරටත් ආරක්ෂා කරගනිමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ravichandran Ashwin පන්දු 38කදී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සහ හතරේ පහර 4ක් ඇතුලත් වුනා.

Devdutt Padikkal ලකුණු 48ක් රැස් කළ අතර Yashasvi Jaiswal ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Chetan Sakariya, Mitchell Marsh සහ Anrich Nortje කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 161ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 161ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mitchell Marsh පන්දු 62ක් තුල වෙගවත් ලකුණු 89ක් රැස් කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 7ක් සහ හතරේ පහර 5ක් ඇතුලත් වුනා.

David Warner ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේදී Yuzvendra Chahal සහ Trent Boult එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7