Cricket NewsEXCLUSIVEPremier League

ඕස්ට්‍රේලියානු පිතිකරු ක්‍රිස් ලින් එල්ල කල හයේ පහර ක්‍රීඩාංගණය අසල නිවෙසක මිදුල මතට වැටේ – වීඩියෝව සහිත වැඩි විස්තරය මෙන්න.

ක්රිස් ලින්

ක්‍රිස් ලින් නැවත පිටියට පැමිණ නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් T20 Blast තරගාවලියට සහභාගි වී ඇත. තම කණ්ඩායමේ දෙවැනි තරගයේදී, ලින් පන්දු 46කින් ලකුණු 83ක් රැස්කරමින් ඩර්හැම් පරාජය කිරීමට ක්‍රීඩා කළ අතර පෙරේදා Warwickshire හමුවේ ලකුණු 125ක දැවැන්ත පරාජයකට මුහුණ දුන් නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම දිනක් ඇතුළත හොඳින් නැවතත් තරගාවලියට අවතීර්ණ විය.

ඔහුගේ අර්ධ ශතකය හැරුණු විට, ක්‍රිස් ලින් සිය අනෙක් අන්තයෙ පිතිකරු බෙන් කරන් සමඟ එක්ව ලකුණු 149 ක විශිෂ්ට ආරම්භක සබඳතාවක් ගොඩනැගූ අතර, ඔවුන් දෙදෙනා නෝර්ත්ටන්ට්ස් පළමු ඉනිමට ලකුණු 223 ක් ලබා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කළහ.

https://twitter.com/cobbleysaint/status/1530256874217644035?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1530256874217644035%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fcricshots.com%2Fchris-lynn-smashes-a-six-in-someones-backyard-during-t20-blast-game%2F

මේ අතර ක්‍රිස් ලින් විසින් එල්ල කරන ලද හයේ පහරකින් එකක් නෝර්ත්හැම්ප්ටන් හි ප්‍රාන්ත ක්‍රීඩාංගණය අසල පදිංචිකරුවෙකුගේ ගෙවත්තට පතිත විය. පන්දුව වත්තට එන අයුරු නිවැසියා විසින් CCTV දර්ශන සමාජ මාද්‍ය සමග බෙදාගෙන ඇති අතර පන්දුව සමග ඡායාරුපක්ද ඒ සමගම සමාජ මාද්‍යට මුදා හැර ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button