Cricket NewsEXCLUSIVEInternational

කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමි වෙයි.

May be an image of one or more people, people playing sport, grass and text that says "QATAR"

කටාර් ජාතික කණ්ඩායමේ නව නායක‍යා ලෙසින් ශ්‍රී ලංකාවේ උපන් රිස්ලාන් ඉක්බාර් පත් කර තිබේ.ඊයේ නිලවශයෙන් රිස්ලාන් කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙසින් පත්කල බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කලේය.

May be an image of one or more people

1985 වසරේදී නුවරදී උපන් රිස්ලාන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙනි.මැදපෙල කඩුලු රකින පිතිකරුවෙකු ලෙසින් ප්‍රකට රිස්ලාන් තම පාසල් ක්‍රිකට් දිවිය තුල කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ බව සඳහන් .

May be an image of one or more people, beard and people standing

ඔහු 2004 කාලවකවානුව තුල කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ නායකත්වයද හෙබවිය.කෙසේ නමුත් රිස්ලාන් කටාර් කණ්ඩායමේ නායකයා ලෙසින් පත්වූ ඔහු කටාර් කණ්ඩායම 2017 වසරේ සිට මේ දක්වා නියෝජනය කලේය.ඔහු කටාර් කණ්ඩායම වෙනුවෙන් 2019 වසරේ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනාගත් අතර 2021 ඔක්තෝම්බර් මාසයේදී, ඔහු 2021 ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ආසියානු සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ A කාණ්ඩයේ තරඟ සඳහා කටාර් කණ්ඩායමේ උප නායකයා ලෙස මීට පෙර කටයුතු කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7