Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී තිබු අගාධයෙන් ගොඩ ගත් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් නිළ වශයෙන් සමු දීම ප්‍රකාශයට පත් කරයි.!

වර්තමාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දැරන මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය අවසන් වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ පිළිබඳව සිය නිල ට්විටර් ගිණුමෙන් විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සිය ක්‍රීඩකයින්ට සහ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පළ කිරීමට අද කටයුතු කර තිබුණා.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ තමා පුහුණුකරු ධුරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විට සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා ඉහල මට්ටමක සිටින බවත් එය තමාට සතුටට කාරණයක් බවත් ඔහු එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

⁣එමෙන්ම ඔහු එහිදී විශේෂයෙන් සඳහන් කර තිබුණේ මේ විශිෂ්ට රටේ පුහුණුවීම් කළ සෑම මිනිත්තුවකට ම ඔහු ආදරය කරන බවයි.

මිකී ආතර් නම් පුහුණුකරුවා ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක් වීමට පෙර තිබූ විනය ප්‍රශ්න සහ Fitness ගැටලු විසඳීමට මෙම සුපිරි පුහුණු කරුවා සමත් වූයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පවා අතහැර දමා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත බලාපොරොත්තු වල සුභ සිහින නැවතත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ ඇති කරමිනි.

මේ අතර මිකී ආතර්ව සිය කණ්ඩායමේ ප්‍රධානියා ලෙස එනම් “Head of Cricket” ලෙස පත් කළ බව බ්‍රිතාන්‍යයේ ඩර්බිශයර් ක්‍රිඩා සමාජය අද නිවේදනය කර සිටියා.

ඒ අනුව එළඹෙන කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණු කාරීත්වයෙන් ඉවත්වන මිකී ආතර් බ්‍රිතාන්‍යයේ ඩර්බිශයර් කණ්ඩායම සමග එක් වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7