Cricket NewsEXCLUSIVE

ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය වන T10 තරඟාවලියේ Chennai Braves කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට.!

ක්‍රිකට් වංශ කතාවේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මීට වසර කිහිපයකට පෙර ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ඉසව්ව වන පන්දුවාර 10ක් ක්‍රිඩා කරනු ලබන T10 තරගාවලියේ 2021 සංස්කරණය හෙට දිනයේ පටන් පුරා සති තුනක කාලයක් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනකු ද මෙවර T10 නියෝජනය කිරීමට නියමිත වුවත් ක්‍රිඩා කරනු ලබන්නේ ක්‍රිඩකයන් 9 දෙනෙකුය.

මේ අතර මීට ස්වල්ප මොහොතකට පෙර T10 තරගාවලියේ ප්‍රභල කණ්ඩායමක් ලෙස තරග වදින The Chennai Braves කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් හි නායකත්වය දරන දසුන් ශානක හට හිමිව තිබෙනවා.

නායක දසුන් ශානක ට අමතරව The Chennai braves කණ්ඩායමේ තවත් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් දෙදෙනෙකු නියෝජනය කරනු ලබනවා.

ඒ තුන් ඉරියව් ක්‍රිඩක ධනංජය ලක්ෂාන් සහ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන භානුක රාජපක්ෂයි.

ඒ අනුව කණ්ඩායමෙන් නිල වශයෙන් තම අවසාන සංචිතය සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබුණේ මෙලෙසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7