Cricket NewsEXCLUSIVE

රටේ දහසකුත් ප්‍රශ්න මැද 35,000කට අධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනය.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරග සංචාරය අද ආරම්භ වූයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය ලෝකයටම රහසක් නොවේ. ඉතා අත්‍යවශ්‍යම බෙහෙත් වර්ග පවා කිරීමට නොහැකි තරම් ඩොලර් අර්බුදයක් මේ වන විටත් ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල පවා මිළ අහස උසට ගොස් ඇත.

මෙවැනි අවස්ථාවක රටට ඩොලර් එන ඕස්ට්‍රේලියානු සංචාරයක් ශ්‍රී ලංකාවට කෙතරම් වැදගත් ද යන්න තවදුරටත් අදහස් දැක්වීමට අවශ්‍ය නොවේ.

මෙම තරඟ සංචාරයෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික ආදායමක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය යනු ක්‍රිකට් ලෝකයේ සිව්වන ධනවත්ම ක්‍රිකට් ආයතනයයි. එවැනි ප්‍රබල ක්‍රිකට් රාජ්‍යයක් මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවේ තරග සංචාරය කිරීම සැබැවින්ම අප ස්තූතිවන්ත විය යුතු කාරණයකි.

අප කෙරෙහි එතරම් විශ්වාසයක් තැබූ ඔවුන්ට මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ලබාදුන් අතිවිශිෂ්ට ප්‍රතිචාරයන්ට ස්තුති පූර්වක විය යුතුමය, මන්ද යත් මෙවැනි දහසකුත් අභියෝග මැද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය අද පිරී ඉතිරී ගියෙ තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂක 35,000කටත් අධික සංඛ්‍යාවකිනි.

එම ක්‍රිකට් ප්‍රේක්ශකයන් සමහරක් අත තිබූ බැනර් වල සඳහන් වී තිබුණේ Thank You Australia ලෙසයි. එනම් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ඔවුන්ට ස්තූතිවන්ත වෙමිනි.

ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබා පැමිණි ඕස්ට්‍රේලියානුවන් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට SixCricket අපෙන් පිදෙන උත්තමාචාරයයි මේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගෙන් පිරී ගිය ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනය.

01

02

03

04

05

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7