Cricket NewsEXCLUSIVEMatch Review

David Warnerගේ සහ Aaron Finchගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ටේලියාව කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරයි.!

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය අරඹමින් පැවැත්වුන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ටේලියානු කණ්ඩායම සමත් වුනා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ටේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 128ක් පමණයි.

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් මුල් පෙළ පිතිකරුවන් ගොඩනැඟූ ශ්‍රී ලංකා ඉණිම කඩා වැටීම ඇරඹුණු අතර ඒ අනුව 100-1ක් ලෙස පන්දුවාර 12ක් අවසානයේ තිබු ශ්‍රී ලංකා ඉණිම, පන්දු වාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128කට සීමා කිරීමට ප්‍රභල ඕස්ට්‍රේලියානු පන්දු බලඇණිය සමත් වුනා.

ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 38ක්, පැතුම් නිස්සංක ලකුණු 36ක්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 26ක් සහ වනිඳු හසරංග ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Josh Hazlewood කඩුලු 4ක් බිඳ හෙලු අතර Mitchell Stark කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ලකුණු 129ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දේපල වූ David Warner සහ Aaron Finch පන්දුවාර 14ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 134ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ David Warner පන්දු 44ක් තුල වෙගවත් ලකුණු 70ක් රැස් කල අතර නායක Aaron Finch පන්දු 40ක් තුල වේගවත් ලකුණු 61ක් රැස් කළා. තරඟයේ වීරයා සම්මානය විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Josh Hazlewood හට හිමි වුනා.

ඒ අනුව මෙම ජයග්‍රහණය සමගින් තරඟාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනා.

දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි-20 තරඟය හෙට රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button