EXCLUSIVETrending Article

“මානසික අතින් බිංදුවට වැටුනු මනුස්සයෙක්, සමාජයෙන් කොන් කරපු මනුස්සයෙක්, මෙච්චර ඉක්මනට ආයෙමත් මුල ඉදලා නැගිටිනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි”. – කුසල් මෙන්ඩිස් ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!

කුසල් මෙන්ඩිස් කියන්නේ පහුගිය කාලයේ වැඩියෙන්ම බැනුම් අහපු ප්ලෙයර් කෙනෙක්, අන්තිමට තරග තහනම් වෙලා කන්ඩායමෙන් එළියට වැටිලා බිංදුවටම එයාගේ ක්‍රිකට් ජීවිතයේ වැටුනා. ඉතිං මනුස්සයෙක්ට ජීවිතේ යම් තැනකදී පලවෙනි අවස්ථාව අසාර්ථක වෙන්න පුළුවන්.

හැබැයි දෙවෙනි අවස්ථාවක් එනවා. ඒ දෙවෙනි අවස්ථාව නැති කර ගන්න හොද නැ.. කුසල්ටත් එහෙම දෙවෙනි අවස්ථාවක් ලැබුනා. ඒ තමයි LPL තරගාවලිය,

ඉතිං ඔය කුසල් මෙන්ඩිස් නැවතත් කරළියට එන්නේ එතැනින්. ආවා විතරක් නෙමෙයි පසුගිය LPL තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙලා තමයි කුසල් ඒ තරගාවලිය නිමා කරන්නේ.

තරග තහනම් වෙලා ඉදලා කන්ඩායමෙන් එළියට විසි වෙලා ආයෙමත් LPL ගහලා ටීම් එකට නැතුවම බැරි කෙනෙක් කියලා ඔප්පු කරලා නැවතත් කුසල් මෙන්ඩිස් ජාතික සංචිතයට එනවා.

මේක ලේසි දෙයක් නෙමෙයි. මානසික අතින් බිංදුවට වැටුනු මනුස්සයෙක් , සමාජයෙන් කොන් කරපු මනුස්සයෙක් මෙච්චර ඉක්මනට ආයෙමත් මුල ඉදලා නැගිටිනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙමෙයි.

ඉතිං ඔය LPL එක ගහලා කුසල් මෙන්ඩිස් පර්ෆෝම් කරන්න කලින් එයා එක්තරා තීරණයක් ගන්නවා. ඒ තමයි එයා ක්ලබ් ක්‍රිකට් ගහපු CCC ක්ලබ් එකෙන් එයා SSC ක්ලබ් එකට එනවා. ඔන්න SSC ක්ලබ් එකේදී එයාට තිළිණ කණ්ඩම්බි එක්ක වැඩ කරන්න ලැබෙනවා. තිළිණට කුසල්ගේ අලුත් දේවල් කරන්න තිබිලා නැ.. තාක්ෂණික අතින් ඉතාම හොද පිතිකරුවෙක් තමයි කුසල් කියන්නේ. ඉතිං තිළිණට ඒ පැත්තෙන් කරන්න තිබිලා තියෙන්නේ පොඩි පොඩි දේවල් ටිකක්..

එතකොට කණ්ඩම්බි හැම වෙලාවෙම කුසල් එක්ක කතා කරලා තියෙන්නේ එයාගේ මයින්ඩ් එක ආයෙමත් පරණ තත්ත්වෙට ගේන්න. කුසල් එක්ක කණ්ඩම්බි හුගාක් වැඩ කරලා තියෙනවා. එදා කණ්ඩම්බි පුහුණුකරුවෙක් විදිහට හුගාක්ම මහන්සි වෙලා තියෙන්නේ කුසල්ගේ මනස ආයෙමත් හොද විදිහට හදන්න.

ඒ වගේම කුසල්ගේ ජීවිත රටාවේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද කුසල් මෙන්ඩිස් කියන කඩුලු රකින පිතිකරු නැවත දකින්න ලැබුනෙත් මේ කණ්ඩම්බි නිසා, ඔව්.. කුසල් කියන්නේ කොහොමත් කඩුලු රකින්නෙක් තමයි. හැබැයි කුසල් ජාතික කන්ඩායමේ බොහෝ දුරට හිටියේ පිතිකරුවෙක් විදිහට පමණයි.

ඉතිං ඔය කුසල් මෙන්ඩිස් SSC වලට ආපු දවස්වල අපේ නැශනල් ටීම් එකේ සුදු බෝලෙන් කඩුලු රකින පිතිකරුවෙක් නැති අඩුවක් තිබුනා. හිටියේ කුසල් ජනිත් විතරයි. එයා ආබාධයක් වුනොත් ඒ තැනට හරියන පිතිකරුවෙක් විදිහටත් දෙයක් කරන්න පුළුවන් ස්ථාවර ක්‍රීඩකයෙකු නැති අඩුවක් අපිට තිබුනා. ඔන්න ඔය නිසා කණ්ඩම්බි කුසල් මෙන්ඩිස්ට කියනවා විකට් කීපිං බැට්ස්මන් කෙනෙක් වෙන්න කියලා,

ඉතිං, අද අපේ වයිට් බෝල් ක්‍රිකට් එකේ නිත්‍ය කඩුලු රකින්නා කුසල් මෙන්ඩිස්, ඒ වගේම එදා කණ්ඩම්බි තව දෙයක් කුසල් මෙන්ඩිස් ගැන අවසානයේ කිව්වා. ඒ තමයි තව අවුරුද්දක් විතර යද්දි ඔහු ලෝකේ ඉන්න හොදම පිතිකරුවන් දහපහලොස්දෙනා අතරට පැමිණෙයි කියලා.

එදා මේ කතාවට බොහෝ දෙනා කණ්ඩම්බිට හිනා වුනා. කුසල් මෙන්ඩිස්ට සමච්චල් කරා. ඉතිං ඔය කතාව කණ්ඩම්බි මාධ්‍යයට කියලා දැනට හරියටම මාස 7යි. අද වෙද්දි කුසල් මෙන්ඩිස් කියන ක්‍රීඩකයා වෙනම ලෙවල් එකකට ඇවිල්ලා,
බැනපු හැමෝම ආශිර්වාද කරන තරමටම එයාගේ හැකියාව පෙන්නලා තියෙනවා.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7