Cricket NewsEXCLUSIVEIPL

IPL විනිසුරුවන් සන්රයිසර්ස් නායක කේන් විලියම්සන්ට ලබා දුන් ආන්දෝලනාත්මක දැවී යාම – එය දැවී යාමක් නොවන බවට චෝදනා..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 5වන තරගය ලෙස කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය සහ ලසිත් මාලිංග විසින් වේග පන්දු පුහුණුකාරීත්වය දරන Rajasthan Royals සමග මුත්තයියා මුරලිදරන් පුහුණුකාරීත්වය දරන Sunrisers Hyderabad කණ්ඩායමත් අතර තරඟය පැවැත්වුනා.

එම තර්නග්යෙන් ලකුනු 61ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Rajasthan Royals සමත් වුනා.

කෙසේ නමුත් මෙම තරඟයේදී Sunrisers Hyderabad නායක කේන් විලියම්සන් දැවී ගිය ආකාරය දැඩි මතබෙදයකට තුඩු දුන්නා.

Rajasthan හි ක්‍රිෂ්නා විසින් යොමු කළ පන්දුවකට විලියම්සන් එල්ල කළ පහරකින් පන්දුව කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් වෙත ඇදී ගිය නමුත්, ඔහුට එය නිසි අයුරින් රැක ගැනීමට නොහැකිවුවත් ස්ලිප්හි පන්දු රකිමින් සිටි දෙව්දත් පඩික්කල් විසින් පන්දුව බිම පතිත වීමට පෙර සුරැකිව එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට සමත් වුනා.

එය දැවීයාමක් ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම තෙවන විනිසුරු වෙත හිමි වූ අතර, එහිදී තෙවන විනිසුරු විසින් තීරණය කළේ එම අවස්ථාව දැවී යාමක් බවයි.

කෙසේ වෙතත්, ඇතැම් පාර්ශව එම උඩ පන්දුව නිසි පරිදි රැක නොගත් බවට ද චෝදනා එල්ල කරනවා.

එම දැවී යාම පහතින් නරඹන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button