Cricket NewsEXCLUSIVE

පසුගිය කාලයට පුරාවට දැක් වූ සුපිරි දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට විරල අවස්ථාවක් හිමි වෙයි.!

ශ්‍රි ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හට එංගලන්ත ප්‍රාන්ත කන්ඩායමක් වූ යෝක්ෂයර් ප්‍රාන්ත කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

දිමුත් කරුණාරත්න පසුගිය කාලය පුරාවට ටෙස්ට් පිටියේ සුපිරි පිතිකරුවෙකු බවට පත්වූයේ ශ්‍රෙණිගත කිරීම්ද අතික්‍රමණය කරමිනි.

පසුගියදා නිමාවට පත්වූ ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලියේ දී ද දිමුත් කරුණාරත්න ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

දිමුත් කරුණාරත්නග මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 6 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 781 රැස් කර ගනිමිනි.

පසු ගිය කාලය පුරාවට දැක් වූ එම සුපිරි දස්කම් හේතුවෙන් දිමුත් කරුණාරත්නට මෙම අවස්ථාව උදාවී තිබෙනවා.

දිමුත් කරුණාරත්න මීට අදාල ගිවිසුම අත්සන් කර ඇති බවට වාර්තා වෙන අතර ඒ අනුව එළඹෙන10 වනදා දිමුත් දිවයිනෙන් පිටත්ව ‍යෑමට නියමිතව තිබෙනවා.

එංගලන්ත සුපිරි ක්‍රීඩක ජෝ රූට් වැනි ප්‍රභල ක්‍රිඩයන් ක්‍රිඩා කරන යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රිඩා කිරීම පිතිකරුවකුට ලැබෙන විරල අවස්ථාවකි.

සිය ක්‍රිකට් දිවියේ නවමු පරිජ්ජේදයක් ආරම්භ කිරීමට සැරසෙන දිමුත්ට අපෙන් සුභ පැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7