Cricket NewsEXCLUSIVE

වර්ශාවෙන් පවා ඇති වූ අභියෝග ජය ගනිමින්, පන්දුවාර 15ක් තුල ලකුණු 171ක් රැස් කළ MS Dhoni ප්‍රමුඛ CSK 5වන වරටත් IPL ශූරතාවය ජයග්‍රහණය කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2023 වසරේ අවසන් මහා තරඟය අද පැවැත්වුනේ Chennai Super Kings කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම අතරයි.

මෙම තරඟයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර ගනිමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ CSK නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට GT වෙත ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි GT පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

අනතුරුව CSK පිතිකරුවන් පිටියට පිවිසියත් තරඟයට වර්ශාවෙන් බාදා ඇති වූ අතර තරඟය ආරම්භ වූයේ මධ්‍යම රාත්‍රී 12.10ටයි. ඒ පන්දුවාර 15 තරඟයක් ලෙසින් වන අතර ජයග්‍රහණය සඳහා ලැබුනු ලකුණු 171ක දැවැන්ත ඉලක්කය සපුරා ගනිමින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වෙමින් 5වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
27
+1
40
+1
12
+1
17
+1
4
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7