Cricket NewsEXCLUSIVEInternational

ලෝක ටෙස්ට් ශූරතාවලිය 2021-23 තරගවාරය සඳහා ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කෙරේ – ශ්‍රි ලංකාවට ඩොලර් 200,000 ක ත්‍යාගයක්

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ජුනි 7 සිට ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයේදී මුණගැසෙන අතර ජයග්‍රාහී කණ්ඩායම WTC කුසලානය පමණක් නොව ඩොලර් මිලියන 1.6ක ත්‍යාග මුදලක් ලබා ගනී.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2023 අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින්ට ඩොලර් මිලියන 1.6ක දැවැන්ත ත්‍යාගයක් හිමිවන අතර අනුශූරයන්ට ඩොලර් 800,000ක් හිමිවේ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2021-23 ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට පත්වීම සඳහා දකුණු අප්‍රිකාව ඩොලර් 450,000 උපයා ගත් අතර සිව්වන ස්ථානයට පත් වූ එංගලන්තය ඩොලර් 350,000 ක් ලබා ගනී.

පස්වන ස්ථානය ලබා ගත් ශ්‍රී ලංකාව ඩොලර් 200,000 උපයා ගැනීමට සමත් විය. ඉතිරි කණ්ඩායම් වන නවසීලන්තය (අංක 6), පකිස්තානය (අංක 7), බටහිර ඉන්දීය කොදෙව් (අංක 8), සහ බංග්ලාදේශය (අංක 9) යන කණ්ඩායම්වලට ඩොලර් 100,000 බැගින් ත්‍යාග පිරිනැමේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
2
+1
4
+1
3
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button