Cricket NewsEXCLUSIVELPL

LPL අවසන් මහා තරඟයක වාර්තා කරන ලද වේගවත්ම අර්ධ ශතකය ධනුෂ්ක ගුණතිලකගේ පිත්තෙන්.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූයේ Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතරයි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී ලකුණු 201ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එම ඉලක්කය හඹා යාමේ අරමුණෙන් පිටියට පිවිසි Galle Gladiators ආරම්භක පිතිකරුවන් ලකුණු 63 ක වේගවත් ආරම්භක සබඳතාවයක් පැවැත්වීමට සමත් වුණා.

එහිදී අධිවේගී පිතිකරණයක නිරත වුණු ධනුෂ්ක ගුණතිලක පන්දු 21ක් තුළ වේගවත් ලකුණු 54ක් රැස්කිරීමට සමත්වුනා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 7ක් ඇතුළත් වූ අතර ධනුෂ්කගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 250.14 ක් ලෙසයි.

එමෙන්ම පන්දු 19ක් තුළ වාර්තා කරන ලද ධනුෂ්ක ගුණතිලකගේ මෙම අර්ධ ශතකය ලංකා ප්‍රිමියර් ලීගයේ වාර්තා පොත් අතරට එක් වූයේ LPL අවසන් මහා තරගයක රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

ධනුෂ්කගේ සුපිරි පිතිකරණය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7