Cricket NewsEXCLUSIVELPL

ගාලු පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළ ජැෆ්නා පිතිකරුවන් අවසන් මහා තරඟය සිය ග්‍රහණයට ගනී.!

තීරණාත්මක අවසන් මහා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Jaffna Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3ක් පමණක් දැවී ලකුණු දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

මීට පෙර Dambulla Giants කණ්ඩායම සමග පැවැති තරගයේදී ද වේගවත් ශතකයක් වාර්තා කල අවිශ්ක ප්‍රනාන්දු අද තරඟයේ දී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් වුණා.

Tom Kohler Cadmore පන්දු 41ක් තුළ ලකුණු 56ක් රැස් කළ අතර වේගවත් පිතිකරයක නිරත වූ Rahamanullah Gurbaz පන්දු 18ක් තුළ වේගවත් ලකුණු 35 ක් රැස්කිරීමට සමත්වුණා.

ෂොයිබ් මලික් ලකුණු 23 ක් සහ අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරත වූ Jaffna Kings නායක තිසර පෙරේරා පන්දු 9ක් තුළ වේගවත් ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී සමිත් පටෙල්, නුවන් තුෂාර සහ Mohammad Amir අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 202 ක දැවැන්ත ජයග්‍රහණයක් හඹා යාම සඳහා Galle Gladiators පිතිකරුවන් පිටියට පිවිස තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7